top of page

හොඳ photographer කෙනෙක් වෙන්නේ කොහොමද?

Writer's picture: Priyantha BandaraPriyantha Bandara


හොඳ photographer කෙනෙක් වෙන්නේ කොහොමද? මේකට කෙටි උත්තරයක් නැහැ. නමුත් කෙටියෙන් විස්තර කරන්න උත්සාහ කරන්න පුළුවන්.


අපි මුලින්ම බලමු හොඳ කියල කියන්නේ මොකක්ද කියල. හොඳ කියන වචනේ ඕනෙම කලාවකට ඒක රසවිඳින රසිකයාට සාපේක්ෂයි. ඒ කියන්නේ මෙහෙම දෙයක් . ඔබ ගන්න ගොඩක් පින්තුර සමහර වෙලාවට ඔබේ පවුලේ කට්ටියට වගේම හිත මිතුරන්ට හොඳ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆොටෝ කියන එක හදාරලා නැති, එහෙමත් නැත්නම් එය ගැන බැරෑරුම් අවබෝධයක් නැති කෙනෙකුට හොඳ වෙන්නත් පුළුවන්. නමුත් ඒ පින්තුරේම තවත් කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඒක දැකල ඒකෙන් ප්‍රකාශ වෙන දේ එයාට නොදැනෙන්න පුළුවන්. එතකොට එයාට ඔබ නරක photographer කෙනෙක්.


ඒ කියන්නේ ඕනෑම ෆොටෝ එකකින් හැමෝවම එක වගේ සතුටු කරන්න බැහැ. නමුත්, ෆොටෝ එකකින් බහුතරයක් සතුටු වෙනවනම්, ඒකට කැමතිනම්, අපි හිතනවා ඒ ෆොටෝ එක හොඳ ෆොටෝ එකක් කියල. එහෙම බහුතරයක් කැමතිවෙන ෆොටෝ ගන්න කෙනා හොඳ photographer කෙනෙක් වෙනවා කියල අපිට මතුපිටින් පිළිගන්න පුළුවන්. ඒත් , හැමෝම කැමතියි කියන එකෙන් විතරක් හොඳ photographer කෙනෙක් හැදෙන්නේ නැහැ. පිළිගත්, යමක් කරපු සහ කරන්න පුළුවන්, ඒ වගේම vision එකක් සහ style එකක් තියෙන photographer කෙනෙක් හැදෙන්න තවත් සාධක ගණනාවක් තියෙනවා. ඒවා ඔක්කොම මේ ලිපියෙන් කතා කරන්න මම අදහස් කරන්නේ නැහැ.


photography කියන්නේ කලාවක්, එතකොට අනෙක් ඕනෙම කලාවකට බලපාන හේතුසාදක photography වලටත් බලපාන්න අවශ්‍යයි. නමුත්, photography වලටම විශේෂ කාරණාත් තියෙන්න ඕනේ එහෙම බැලුවම. කොහොම මේක කිව්වත්, කලාකාරයෙක් යම් කිසි කලාවකට හොඳ වෙන්න හේතු සාධක වෙන කරුණු කාරණා වලින් ටිකක් මට මතක් වෙන විදිහට තමයි මේ ලියන්නේ.


අපි ගොඩක් දෙනෙක් පිළිගන්න දෙයක් තමයි කලාව කියන්නේ හැකියාවක්, ඒ හැකියාව උපතින් ලැබෙන එකක් කියන එක. මේකට මමත් යම්දුරකට එකඟ වෙනවා. මොකද කලාව වගේම ගොඩක් දේවල් අපි හොමොටම එක වගේ කරන්න බැහැ. එහෙම බැලුවම සමහර අයට බහුතරයකට වැඩිය හොඳින් ෆොටෝ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනෙක් අයට බැහැමයි කියන එක නෙමෙයි. ඒ කොහොම වුනත්, ෆොටෝ ගන්න එක ගැන උනන්දුවක් දක්වන්නේ නැත්නම් හරි, ඒක ගැන උත්සාහයක් නැත්නම් හරි, සහජයෙන් මොනවා තිබ්බත් ඒකෙන් වැඩක් නැහැ. ඒක තමයි දෙවෙනි කාරනාව.


දැන් අපි දන්නවා උපතින් හොඳටම බැරි වුනත්, යම්කිසි තරමකට හැමෝටම ෆොටෝ ගන්න පුළුවන් කියල. එතකොට, යමෙක් ඒක ගැන හොඳට ඉගෙනගෙන, අනෙක් අයගේ උපදෙස් අරගෙන එහෙම ගොඩක් උත්සාහවන්ත වුනොත්, ටික කාලයක් ඇතුලත හොඳ ෆොටෝ ගන්න එයාට පුළුවන් වෙන්න හැකියාවක් තියෙනවා. මේකෙදි වෙන්නේ, අපේ මොළයට photographer කෙනෙක් වගේ හිතන්න අවස්තාව ලබාදෙන එක. අපි නිතරම යම්කිසි දෙයක් ගැන ගොඩක් උනන්දුවෙන් ඒකෙ නියැලිලා ඉන්නකොට අපි ඒ දේ ටිකෙන් ටික හොඳට කරන්න පුළුවන් වෙනවා.


ඊළඟ වැදගත් කාරණාව තමයි practice practice practice කියන්නේ. ඒක තමයි දිගින් දිගටම ෆොටෝ ගැනීම. තමන් ෆොටෝ ගන්න කැමතිනම්, හැම වෙලාවකම ෆොටෝ ගන්න එක ඔලුවේ තියෙන්න ඕනේ. යමක් පියවි ඇසින් දැක්ක ගමන්, ඒක ෆොටෝ එකකට මොනවගේද කියල හිතට දැනෙන්න ඕනේ. Framing සහ composition ගැන ඉගෙන ගත්තම ඕනෙම දෙයක් දැක්කම එක ෆොටෝ එකකට ආවම මොන වගේද කියල නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. හරියට music කරන කෙනෙකුට පද වැලක් දැක්කම තනුවක් හිතට එනවා වගේ.


දැන් හැබැයි, හැමදාමත් එකම විදිහට ෆොටෝ අරගෙන හිටිය කියලත් වැඩක් නැහැ. තමන් ගන්න ෆොටෝස් වල ගුණාත්මක භාවය දියුණු කරගන්න ඕනේ. ඔබට තියෙන්නේ මේක technical quality එක ගැන ප්‍රශ්නයක් නම් ඒක ගැන විශේෂයෙන් හොයන්න ඕනේ. ඒකට අවශ්‍ය උපකරණ ගන්න ඕනේ. ඔබට තියෙන්න subject matter එක ගැන ප්‍රශ්නයක්නම්, හොඳ subject එකක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න ඕනේ. technical සහ subject කියන දෙකම හොඳ වෙන්න වෙන්න ෆොටෝස් හොඳ වෙනවා. අපි දකින දහසක් ෆොටෝ අතරින් පින්තුරයක් වෙනස් වෙන්නේ මේ දෙකම ගොඩක් හොඳ වෙන පින්තුර වල.


මේ ඔක්කොම කරන අතරතුරේ තමන් ගන්න ෆොටෝ වල හොඳ නරක දැනගන්න ඕනේ. මේක තමන්ට කරගන්න පුළුවන් ටිකක් දුරට. ඒ වගේම අනෙක් අයගෙන් අහන්න ඕනේ, විශේෂයෙන්ම ෆොටෝ ගැන දන්නා අයගෙන්. ෆොටෝ වලට මරු කියන අය වගේම ඒ ෆොටෝ වල දොස් කියන අයවත් එක වගේ මතක තියාගන්න ඕනේ. කලාකරුවෙක් හැටියට කොහොමවත්ම ඉස්සරහට යන්න බැහැ , තමන්ගේ කෘති වල නරක දකින්න පිළිගන්න කැමති නැත්නම්. ඒ වගේම, ඒ ගුණ දොස් දැනගත්තට පස්සේ, හොඳ දේවල් තවත් දියුනුකරගන්නේ කොහොමද කියල පරීක්ෂණ කරන්න ඕනේ. නරක දේවල් අඩු කරගන්න එක ගැනත් එහෙමම තමයි.


ඊළඟට ගොඩක්ම දෙනෙක් නොකරන කාරනාව තමයි, Photography කියන එක විෂයයක් වශයෙන් ආපු ගමන ගැන හොයන්න තියෙන්න කම්මැලිකම. අපි අද කරන දකින දේවල් හැම දෙයක්ම වගේ යම්කිසි කාලයක යම් කිසිවෙක් විසින් හොයාගත්ත ඒ වගේම යම් කිසි හේතුවක් නිසා ඇතිවුන දේවල්. මේවා ගැන හොඳින් දැනගෙන හිටියේ නැතත් යමක් දැනගෙන හිටියම ඒකෙන් අපේ මනස වගේම හැකියාව පෝෂණය වෙනවා දන්නෙම නැතුව. ඒ වගේම මේ වෙනකොට අපි කැමති Photography කලාව ඇතුලේ ඉන්න දැවැන්තයින් කවුද, ඒ ගොල්ලො එතනට ආවේ කොහොමද වගේ දේවල් හැදෑරීමට කැමති වෙන්න ඕනේ. මේවා කරන්නේ දැනුමෙන් හිස් උදුම්මවගන්නවත්, අනෙක් අයගේ ෆොටෝ වලට පණ්ඩිත වාක්‍ය ලියන්නවත් නෙමෙයි. තමන් ආදරය කරන කලාවට සහ එම කලාවේ උන්නතියට අපිටත් යමක් කරන්න පුළුවන් වෙන්න.


ඔය මම කිව්වා කාරනා ටික, හෙමින් හෙමින් හරි පටන් අරගෙන දිගටම කරගෙන ගියොත්, ඕනෙම කෙනෙකුට තමන්ගේ ෆොටෝ හොඳ කරගන්න වගේම කලාවක් වශයෙන් photography කියන field එකේ දුරක් යන්න පුළුවන් වෙනවා. මේක ලියන මමත් ඔය ගමනේ ඉන්නේ ගොඩක් මුල්ම හරියේ. ඒ උනාට මම මගේ පාර දන්නා නිසා මට ගමනාන්තයක් පේනවා. අනුන් කරන කරන දේවල් විතරක් නොකර, තමන්ගේ කියල ශයිලියක් සහ නමක් හදාගන්න ඔය කිව්වා ටික ඕනෙම කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්.


ලිව්වේ - ප්‍රියන්ත බණ්ඩාර






309 views5 comments

5 Comments


rasantha.lakmal
May 29, 2021

api wage adunikyanta godak watina lipiyak.

Thank you!

Like

Indranatha Thenuwara
Indranatha Thenuwara
May 24, 2021

ඉහළින් ම අගය කරමි... බොහෝ කාරණා ඉතා කෙටියෙන් ලියා තිබෙනවා...!

Like
Priyantha Bandara
Priyantha Bandara
May 25, 2021
Replying to

බොහොම ස්තුති සර්

Like

achinthadahanayake
May 16, 2021

Good

Like
Priyantha Bandara
Priyantha Bandara
May 25, 2021
Replying to

Thanks!!

Like
bottom of page