top of page

භුමි දර්ශන ඡායාරූප masterclass පාඨමාලාව 

MC 2 copy.jpg
Next batch 
January 2025

 

මෙම පාඨමාලාව Landscape Photography (භුමි දර්ෂණ ඡායාරුපකරණය) සඳහාම වෙන් වුනු පාඨමාලාවක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු සහ එකම Landscape Photography Masterclass පාඨමාලාවද වෙනවා.  Landscape Photography වලට කැමති සියලුම දෙනාට ජාත්‍යන්තර මට්ටමේ Landscape Photography දැනුමක් ලබා දීම මේ පාඨමාලාවේ අරමුනයි. 

Landscape Photography යනු ඉතාමත්ම ප්‍රයෝගික විශ්‍යයකි. නමුත් එහි සිද්ධාන්ත සහ මුලික දැනුම ලබා ගැනීමට ප්‍රායෝගික අභ්‍යාස අත්‍යවශ්‍යය නොවෙයි. මුලික දැනුමෙන් තොර ප්‍රයෝගික අභ්‍යාසයන් බොහෝ විට දුර්වල ප්‍රතිපල ලබා දෙයි. 

Online පන්ති ගාස්තුව රු 30,000 + ප්‍රයෝගික පන්තිය රු 6000 (outdoor practical session)

ගාස්තුව අවශ්‍යය නම් කොටස් වශයෙන්  ගෙවීමට සැලැස්විය හැකිය.
ගාස්තුව bank transfer කිරීමක් හරහා සිදු කල හැක. 

 පාඨමාලාව සම්පුර්ණ කරන සියලු දෙනාටම ලියාපදිංචි අංකය සහිත PDF සහතික පත්‍රයක් 

පාඨමාලා කාලය සති 8කි (පැය 20කි). 
පැවැත්වෙන්නේ සිංහල භාෂාවෙනි 
පන්ති 2025 January  ආරම්භ වෙයි 

වෙලාව සෑම බදාදා දිනකම 7:30 ප.ව සිට.

එමෙන්ම පැවැත්වෙන පන්තියේ පටිගත කිරීමක් සතියක කාලයක්  සඳහා ලබා දෙනු ලබයි. සජීවී පන්තියට සහභාගී වෙන අයට මෙන්ම එම වෙලාවට සහභාගී වීමට නොහැකි අයටද මෙම පහසුකම ලබා දෙයි. 


පාඨමාලාව පැවැත්වෙන්නේ Zoom හරහා online ක්‍රමයටයි.

පාඨමාලාව ඒකක 8කින් සමන්විතයි. 

1 වන ඒකකය - Landscape Photography ප්‍රවේශය

මෙම ඒකකය වෙන් වන්නේ Landscape Photography යනු කුමක්ද යන්න හරි හැටි අවබෝධ කිරීම සහ, එය ඡායාරුපකරණය සහ එම ඉතිහාසය තුල ක්‍රමක්‍රමයෙන් ගොඩනැගුනු ආකාරය සම්බන්දයෙන් දැනුම ලබා දීමට. එමෙන්ම Landscape Photography නුතන නැඹුරුවන් සහ ඡායාරුපශිල්පියෙකු ඒ සඳහා දැනුමෙන් සහ අවබෝධයෙන් ප්‍රවේශ වීමට අවශ්‍ය කරුණු ගැන විග්‍රහ කෙරෙනවා.

Saragama sunrise 2.jpg

2 වන ඒකකය - ප්‍රගුනකලයුතු මුලික කුළුණු ත්‍රිත්වය (3 Pillars to Master)

මෙම ඒකකය වෙන් වන්නේ හොඳ Landscape ඡායාරුප  බිහි කිරීම සඳහා එකලෙස ශක්තිමත් පසුබිම සාදන මුලික කුළුණු ත්‍රිත්වය වන Light , Compsotion සහ subject යන කරුණු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමටයි.  මෙම කරුණු Landscape Photography සඳහා විශේෂ වන්නේ කෙසේද යන්න සහ ඒවා නිර්මාණශීලි ලෙස ඡායාරුප වලට යොදා ගන්නේ කෙසේද යන්න ගැන උදාහරණ සහිතව ඉගෙනීමට හැකි වෙයි.  

_86A7637-web.jpg

3 වන ඒකකය - Photo shoot එකක් සැලසුම් කිරීම  (How to plan a landscape photography shoot )

ඉතාමත්ම හොඳ සහ සම්මානලාභී Landscape ඡායාරුප බොහෝවිට සියුම්ව සැලසුම් කිරීමෙන් පසු ක්‍රියාවෙහි යොදවන ලද ඒවා වෙයි. මෙමෙ ඒකකයේදී විවිධ උපක්‍රම සහ මෙවලම් භාවිතා කර Landscape ඡායාරුප ගැනීම මුල සිට සැලසුම් කිරීම පිලිබඳ මනා දැනුමක් ලබා දෙයි. සැලසුම් කිරීම හොඳ Landscape ඡායාරුපශිල්පියෙකුට තිබිය යුතුම දක්ෂ කමකි. 

landscape-photography-planning-tips.jpeg

4 වන ඒකකය - Camara settings සහ උපකරණ 

Landscape Photography සඳහා භාවිතා කරන Camara settings සහ විවිධ උපකරණ ගැන මෙමෙ ඒකකයෙන් විග්‍රහ කෙරෙයි. Landscape Photography යනු පුළුල් විෂයයක් හෙයින්, අපට අවශ්‍යය කරන වර්ගයේ ඡායාරුප ලබාගැනීමට අප සතු කැමරාව හැසිරවීමේ දැනුම ඉතාමත්ම වැදගත් වෙයි. එමෙන්ම Landscape Photography සඳහා සුවිශේෂී වන උපකරණ මොනවාද සහ එම උපකරණ තෝරා ගැනීම මෙන්ම භාවිතා කිරීම ගැන දැන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. 

Screen Shot 2022-02-23 at 9.06.07 PM.png

5 වන ඒකකය - ඡායාරුප ගැනීමට භාවිතා කරන ක්‍රම සහ විධි ( On location shooting techniques) 

මෙම ඒකකය වෙන් වන්නේ සියලුම පෙර සැලසුම් වලින් පසු, යම් කිසි ස්ථානයකදී ඡායාරුප ගැනීමේ ක්‍රියාවලිය ගැනයි. මෙහිදී,  ඡායාරුප වලට අවශ්‍ය කරන පෙනුම ලබාගැනීමට එම ස්ථානයේදී භාවිතා කරන ක්‍රම සහ විධි පිළිබඳව ඉගෙන්වෙනවා. මෙම ක්‍රම වලට long exposure , multiple exposure , focus stacking , sharpness සහ depth handling techniques  මෙන්ම නොයෙක් blending ක්‍රම වැනි ඉතා වැදගත් කරුණු ගණනාවක් ඇතුලත්. 

මෙම පන්තිය සඳහා ප්‍රයෝගික සැසියක් ඇතුලත් වෙයි. සිසුනට එය අවශ්‍යනම් තෝරාගැනීමට හැකියි. 

6 වන ඒකකය - අභ්‍යවකාශ වස්තුන් ඇතුලත් Landscape ඡායාරුප ( Landscape astrophotography) 

නුතන උපකරණ වල දියුණුවත් සමග මීට කලකට පෙර සාමාන්‍යය කැමරාවන්ට හසුකර ගැනීමට නොහැකිවුණු නොයෙකුත් අභ්‍යවකාශ වස්තුන් වන ඉර,සඳ, තාරුකා පත (star trails ), ක්ෂිත පථය (milkyway), උල්කාපාත වර්ෂා (meteor showers ), හිරු සහ චන්ද්‍රග්‍රහණ ( Solar & moon eclipse ) ඡායාරුප ගත කිරීමේ හැකියාව අද තිබෙනවා. මෙම ඒකකයෙන් එම අභ්‍යවකාශ වස්තුන් කලාත්මකව Landscape ඡායාරුප වලට යොදා ගැනීම පිළිබඳව සහ එම ක්‍රම ගැන දැනුම ලබා දෙනවා. 

Screen Shot 2022-02-23 at 9.10.32 PM.png
201757973_10160010376028676_1328587354647654097_n.jpg

7 වන ඒකකය -  Landscape ඡායාරුප පසු-සංස්කරණය කිරීමේ ක්‍රම ( Editing for perfection) 

ඉතා හොඳ ඡායාරුපයක ගුණාත්මක භාවය එම ඡායාරුපය ගන්නා අවස්ථාවේ අනුගමනය කල දේවල් මත මෙන්ම ඡායාරුපය සංස්කරණය කිරීම මත රඳා පවතිනවා. මෙමෙ ඒකකය සැලසුම් කර තිබෙන්නේ ඡායාරුපය සංස්කරණය කිරීමේ විවිධ ක්‍රම ගැන දැණුම ලබා දීමටයි. විශේෂයෙන්ම Adobe Lightroom සහ Photoshop මෘදුකාංග භාවිතයෙන් සංස්කරණ කිරීම ප්‍රයෝගිකව ඉගැන්වෙනවා. 

Screen Shot 2022-02-23 at 8.56.37 PM.png

8 වන ඒකකය -  සන්නාමයක් සැදීම සහ ඡායාරුප වලින් අදායමක් ලබාගැනීම  ( Building a brand and earn from your photos) 

බොහෝ දෙනා Landscape Photography විනෝදාංශයක් වශයෙන් කෙරුවත්, එයින් අමතර අදායමක් ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම එය පුර්ණ කාලීනව කිරීමටනම් ශක්තිම සන්නාමයක්  ( strong brand ) තිබීම වැදගත්. මෙම අවසන් ඒකකයෙන් විග්‍රහ කෙරෙන්නේ එම කරුණු සම්බන්ධයෙන්. 

Screen Shot 2022-02-23 at 9.13.30 PM.png

Online පන්ති වලට අමතරව එක් දින ප්‍රයෝගික සැසියක්ද ඇතුලත් වෙයි.

මෙම සැසියේදී සුදුසු ස්ථානයකට ගොස්, පන්ති හරහා ඉගෙනගත් දේවල් ප්‍රයෝගිකව අත්හදා බලා වැඩි දුරටත් ඉගෙනගැනීමට හැකියාව ලැබෙයි. මෙමෙ සැසිය පැවැත්වෙන්නේ කොළඹට ආසන්න ප්‍රදේශයයකයි. 

istockphoto-182891669-612x612.jpg

පසුගිය සිසු සිසුවියන්ගේ අදහස් 

Screenshot 2023-06-22 at 10.32.18.png
Screenshot 2023-06-22 at 10.34.57.png
Screenshot 2023-06-22 at 10.32.28.png
Screenshot 2023-06-22 at 10.32.23.png
336898143_923279625653187_9063213865018100713_n.jpg
336890694_206289778713222_4986545686381059582_n.jpg
336903708_891575315478502_8157330851001486929_n.jpg

පාඨමාලාවට ඇතුලත් අමතර අංග 

Whatsapp private group හරහා පාඨමාලාවට සහභාගී වන අයට පොදුවේ මා සමග සම්බන්ධ වීමට මෙන්ම, අමතර දැනුම සහ නොයෙකුත් අදහස් බෙදාගැනීම සඳහා අවස්ථාව සැලසෙයි. 

මෙම පාඨමාලාවට සහභාගී වන අයට මා විසින් සංවිධානය කරන Belihuloya Landscape Photography Tours සඳහා 20% ක discount එකක් ලැබෙයි. මෙය මෙතෙක් Tours වලට සම්බන්ද වුනු අයටත් වලංගු වෙයි.

මෙම පාඨමාලාව කවුරුන් සඳහාද ?

Landscape photography වලට කැමති සහ උනන්දු ඕනැම කෙනෙකුට වයස් පරතරයකින් තොරව සහභාගී විය හැකිය. නමුත, මෙය foundation පාඨමාලාවක්  නොවන නිසා ඡායාරුපකරණය පිළිබඳව මුලික දැනුම තිබිය යුතු වෙයි. මෙමෙ පාඨමාලාව තුලින් ඡායාරුපකරණය පිලිබඳ මුලික කරුණු ගැන ඉගැන්වෙන්නේ නැත. උදාහරණයක් වශයෙන් aperture , shutter speed , ISO වැනි දේවල් මුල සිට ඉගැන්වීම මෙම පාඨමාලාවේ අරමුණ නොවෙයි. 

මෙම පාඨමාලාවට සහාභාගී වීමට අවශ්‍යය උපකරණ මොනවාද ?

මෙම පාඨමාලාව මුළුමුනින්ම ප්‍රයෝගික නොවන හෙයින් කිසිදු කැමරා උපකරණයක් අත්‍යවශ්‍යය නොවෙයි. එමෙන්ම ඕනෑම උපකරණයක් භාවිතා කරන කෙනෙකුට දැනුම ලබාදෙන අන්දමින් මෙම පාඨමාලාව සකස් කර ඇත. ප්‍රයෝගික සැසිය සඳහා උපකරණ නොමැති අවස්ථාවකදී උපකරණ සපයාදීමට පහසුකම් ඇත. 

වැඩි විස්තර දැනගැනීමට සහ සහභාගී වීමට අයදුම් කිරීම සඳහා

පහත ක්‍රම භාවිතා කරන්න 

Whatsapp  0769178742

email to i.priyantha.bandara@gmail.com

www.facebook.com/Priyanthabandaratravelphotography

www.instagram.com/priyantha_bandara/

හෝ පහත පෝර්මය පුරවා එවන්න 

_86A9410-web copy 2.png

Thank you. We will get back to you ASAP

bottom of page